යූරියා පොහොර ටොන් 25ක් ගෙනෙයි


යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යල කන්නයේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පැවති යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.



Recommended Articles