යූරියා පොහොර ගොවීන්ට නොදී වෙනත් අයට අලෙවි කරලා


මහඔය ගොවිජන සේවා කාර්යාලය මගින් මහඔය ප්‍ර දේශයේ ගොවීන්ට ලබාදීම සඳහා ගොවි සංවිධාන වෙත නිකුත් කරන ලද යූරියා පොහොර තොගයක් ගොවින්ට ලබා නොදී වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමට සම්බන්ධව පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවි සංවිධාන තුනක සභාපතිවරුන් තිදෙනෙක්, ලේකම්වරයෙක් හා ආධාර අනුබල දුන් පුද්ගලයෙකි.

ඔවුන් යූරියා පොහොට මිටි 111ක් මෙසේ අලෙවි කර ඇති අතර උපයාගෙන ඇති මුදල්වලින් රුපියල් 277000ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34-40ත් අතර පසුවන මහඔය පදිංචිකරුවන් වන අතර ඔවුන් අද දිනයේදී දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles