යුවාන් වැංග් 5 ලංකාවට පැමිණීම ප්‍රමාද කරන්නැයි ලංකාව චීනයෙන් ඉල්ලයි


චීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ  යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දිනය දින නියමයක් නොමැතිය ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකාව චිනයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති අතර එම නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නා ලෙස ඉන්දියාව නිල වශයෙන් ශ්‍රි ලංකාවට දන්වා තිබේ.

යුවාන වැන්ග් 5 නෞකාව ඉන්ධන ලබාගැනීම ඇතළු කරුණු කිහිපයක් වෙනුවෙන් හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 11 වැනිදායි. 

අති නවීන තාක්ෂණික නෞකාවක් මෙම නෞකාව ඉන්දියාව විසින් හඳුන්වන්නේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසයි.

නව දිල්ලියේ විදේශ අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කළේ එය “ඉන්දියාවේ ආරක්‍ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම දෙයක් සමීපව නිරීක්‍ෂණය කරන අතර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා” බවයි.

ලිඛිත ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මෙම සංචාරය ප්‍රමාද කරන ලෙස දන්වා ඇති බව එම ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරියෙක් අගෝස්තු 6දා ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත පවසා තිබේ. .

“යුවාන් වැන්ග් 5 යාත්‍රාව හම්බන්තොටට පැමිණෙන දිනය මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගන්නා තෙක් කල් දමන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වේ,” යනුවෙන් එම ඉල්ලීමෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අගෝස්තු 5දා දේශපාලන පක්ෂ නායකයින්ට සහතික වී ඇත්තේ මෙම මතභේදාත්මක සංචාරය සැලසුම් කළ පරිදි සිදු නොවන බවයි.

 



Recommended Articles