යුරෝපයෙන් ඉතාලියට එනවනම් අනිවාර්ය නිරෝධායනය නෑ


ඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය  දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

එමෙන්ම සංචාරක ව්‍යාපාර හා රට යථා තත්වයට පත් කිරිම අරමුණෙන්  ඉතාලියේ දේශසීමා හා ප්‍රන්ත අතර නිදහස් ගමනාගමයටද ජුනි 3 දා සිට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

අද (22දා දිනයේදි කොවිඩ් නව ආසාදිතයන් 652  ක් හා මරණ 130 ක් වාර්තා වී තිබේ.

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට  

 

 

 

 



Recommended Articles