දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය මීට පෙර නිකුත් කළ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“මම යුනිසෙෆ් එකේ අය අමාත්‍යාංශයට කැඳවලා මේ වගේ ප්‍රකාශයක් කළේ ඇයි කියලා ඇහුවා. ඒ අය ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළා. 2016 වාර්තාවක් තමයි ඒ අය නිකුත් කරලා තිබුණේ.”