යුද්ධය තවත් සති කිහිපයක් යනවා


ඊශ්‍රා යෙල ආරක්ෂක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් පවසන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට හා ඉරානයට ඒරෙහිව පවතින යුද්ධය තවත් සති කිහිපයක් ඉදිරියට යනු ඇති බවයි.

"ඉරානයට සහ හිස්බුල්ලාට එරෙහිව තවත් සති කිහිපයක් සටන් කිරීමට අපට සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා," යැයි ඔහු මාධ්‍ය  ඩවෙත ප්‍රකාශයක් කරමින් පවසයි.

"දිනෙන් දින අපි ත්‍රස්තවාදී තන්ත්‍රය වඩ වඩාත් දුර්වල කරමින් සිටිමු. ත්‍රස්තවාදී තන්ත්‍රයට සහ එහි නියෝජිතයින්ට ඊශ්‍රායල රාජ්‍යයට තර්ජනයක් වීමට අපි ඉඩ නොදෙමු."යැයි ඔහු වැඩිදුරටත් පවසයි. 



Recommended Articles