යුදහමුදා පොලිසියේ කඳවුරක සුබසාධන අලෙවිහල බිඳලා


ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බලකාය කඳවුරට  අයත්  සුබසාධන අලෙවිහල බිඳ  රුපියල් ලක්ෂ 2 ට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු එහි ඉදිරිපස පවුල් බිඳ ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

ඊයේ 4 අළුයම් කාලයේ මෙම සොරකම සිදුව ඇති බවට කරන අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මින්නේරිය පොලිසියට  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.



Recommended Articles