කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සියයට 100ක් තෘප්තිමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
තම පියාට කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබාදීම සඳහා විහාරමහාදේවි උද්‍යානයට රැගෙන ගිය අවස්ථාවේදී යුද හමුදාව විසින් එය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර තිබේ.
Took my 88 year old difficult to walk father to Vihara Maha Devi Park #Covid_19 vaccination centre to get his #Pfizer booster. Was 100 percent satisfied with the service provided by the @Sri_Lanka_Army; guys came to the car and administered the dose (same for all such elders). pic.twitter.com/pbDGwbSSHI
— Harsha de Silva (@HarshadeSilvaMP) November 20, 2021

