යුද හමුදාවේ 14654කට උසස්විම්


යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ මහතා පවසයි.

යුද හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් සිය පණිවුඩය නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්‍ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් මෙම උසස්වීම් ලබාී තිබේ.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව 71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති නිකුත් කළ පණිවුඩයේ සදහන්ය.



Recommended Articles