යුද හමුදාපති හා ඇමති රුවන් අතර හමුවක්


නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් සිදුවිය.

නව හමුදාපති පත්වීමෙන් අනතුරුව ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

මෙහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපළ අතර අදහස් හුවමාරුවිය.  සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

ඡායාරූප ඩික්ෂන් වසන්ත

 



Recommended Articles