යුගදනවි ලබන සතියේ පාර්ලිමේන්තුවට


ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමැරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කීය.

විපක්ෂ මන්තී‍්‍ර එස්.එම් මරික්කාර් මහතා විසින් අගමැතිවරයාගෙන් විමසනු ලබන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලොකුගේ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.



Recommended Articles