යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පවරා දිමට එරෙහිව පෙත්සමක්


කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේයි පෙත්සම ඉදිරිපත් කළේ.

මෙම කොටස් ඇමෙරිකා සමාගමට ලබාදීමට තීරණය කිරීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බව පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා.

 



Recommended Articles