යුගදනවි පෙත්සම්වලට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි


යුගදනවි බලාගාරය ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ පෙත්සම් සලකාබැලීම සඳහා බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය විසින් මෙම ඉල්ලීම සිදු කළාය.

 



Recommended Articles