යුගදනවි ගිවිසුම් හෙට කැබිනට් මණ්ඩලයට


කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්ට්‍රස් එනර්ජි ලිමිටඩ් ආයතනයට ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුම හා ඊට අදාළ කැබිනට් සංදේශය හෙට (13දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

විදුලි උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් (පෞද්ගලික) සමාගමේ ආයෝජනය කිරීම යන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව, ශ්‍රී ලංකා රජය දරන කොටස් අයිතියෙන් 40%ක් විකිණීම සඳහා කොටස් විකිණීමේ සහ මිලදි ගැනීමේ ගිවිසුම ඇමුණුමක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය හා ගිවිසුම පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එහිදී ඒ පිළිබඳ සාකච්ඡා නොකළ බව වාර්තා විය.

 



Recommended Articles