යුක්රේනයට එරෙහිව බෙලරුසියාවත් යුද්ධයට


රුසියාවේ මිතුරු රාජ්‍යයක් වන බෙලරුසියාව තම හමුදා සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවට සහාය දැක්වීම වෙනුවෙන් මෙසේ බෙලරුසියාව සිය සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර තිබේ.

මෙම යුදද්ධයේදී මුලදීම රුසියානු ආරක්ෂක අංශ වෙත සිය දේශසීමා හරහා යුක්රේනයට ඇතුළුවීමට අවසර දීමට බෙලරුසියාව තීරණය කළේය.

දිගුකාලීන රුසියානු මිත්‍ර රාජ්‍යයක් වන බෙලරුසියාව යුක්රේනයට මායිම් වන්නේ එහි උතුරේ ය.

කෙසේ වෙතත් ඉරිදා දිනයේදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ බෙලරුසියානු හමුදා යුක්රේනයට නොයවන බවට බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ තමාට දුරකථන ඇමතුමකින් පොරොන්දු වූ බවයි.

 



Recommended Articles