යුක්තියට 656ක් කොටුවෙයි


යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්  535  අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 121 ඇතුළු සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ සමග හෙරොයින් ග්‍රෑම් 241 මිලි ග්‍රෑම් 913  , අයිස් ග්‍රෑම් 139  මිලි ග්‍රෑම් 892  ,ගංජා  කිලෝ 01 ග්‍රෑම් 744 ,ගංජා පැල 27,780 , මාවා  ග්‍රෑම් 10  , මත්පෙති 1521 , මදන මෝදක ග්‍රෑම්  73 , තුල් ග්‍රැම් 35 මිලිග්‍රෑම් 600 අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 535 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 16 දෙනෙකු සිටින බව පැවසේ.

ඒ අතරින් සැකකරුවන් එක් අයෙකු රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකිරීමට නියමිත අතර තුන්  දෙනෙකු  පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 121දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 102 සහ  මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන්  විවෘත වරෙන්තුකරුවන් 06 ද විවිධ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 13 වූ බව පොලිස් මූලස්ථානය පවසයි

ශාන්ත ප්‍රදීප් කුලරත්න



Recommended Articles