යාලේ රක්ෂිතයේ තිබූ ගංජා කිලෝ 220ක් අල්ලයි


යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගෝනගංආර පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාළ වන රක්ෂිතය තුළ සුහන්දිරම්ආරු ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 11 ක් පමණ දුරින් මෙම ගංජා වගාව සූක්ෂ්මව සිදුකර තිබූ අතර පෙරේදා(21දා)  මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී කිලෝ 220 ක පමණ ප්‍රමාණයක් එම ස්ථානයේ තිබි ඇත. 

 යුද හමුදා බුද්ධි අංශ විසින් යාල වන රක්ෂිතය තුළ  දී  ඉකුත් 18 දින ගංජා කිලෝ 1570 ක්  අත්අඩංගුවට ගෙන තිබෙන අතර, දින පහක් තුළ සිදුකළ දෙවැනි වැටලීමේදී ගංජා කිලෝ 220  අත්අඩංගුවට ගෙන තිබේ.

 මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ගෝනගංආර පොලීසිය විසින් සිදුකරනු ලබයි.



Recommended Articles