යාලේ කලාප දෙකක් වැසෙයි


යාල ජාතික වනෝ­ද්‍යා­නයේ කලාප අංක 01 සහ 02 මේ මස 14 දා සිට ඔක්තෝ­බර් 15 දා දක්වා සිය­ලුම සංචා­ර­ක­යන් සඳහා මාස­යක කාල­යක් වසා දැමී­මට තීර­ණය කර තිබේ.

පව­තින වියළි කාල­ගු­ණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වන­ජී­වින්ගේ පැවැත්ම හා පරි­සර පද්ධ­තියේ ආර­ක්ෂාව තහ­වුරු කිරීමේ අර­මු­ණින් මෙසේ වනෝ­ද්‍යා­නය වසා තැබේ.

 

ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලා­පයේ අවම වර්ෂා­ප­ත­න­යක් ලබන කලා­ප­යක පිහිටි යාල උද්‍යා­නයේ I සහ II කලාප, අතී­තයේ සිටම වාර්ෂි­කව සැප්තැ­ම්බර් හා ඔක්තෝ­බර් මාස­වල පව­තින දැඩි නිය­ඟය හා අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් සතුන්ට ඇති­වන තාප ආත­තිය (Heat Stress) අවම කිරී­මට සාම්ප්‍ර­දා­යි­කව වසා තැබීම සිදු­විය.

නිය­ඟ­යෙන් පීඩා­වට පත් සතුන් උදෙසා අඛ­ණ්ඩව ජලය සැප­යීම සහ උද්‍යා­නය තුළ පිහිටි ස්වාභා­වික වැව්, පොකුණු හා දිය­ව­ළ­වල් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම කඩි­න­මින් සිදු කරන අතර කලාප I සහ II තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩ­නැ­ඟිලි, සංචා­රක නිවාස සහ අනෙ­කුත් යටි­තල පහ­සු­ක­ම්වල නඩත්තු හා අලු­ත්වැ­ඩියා කට­යුතු සිදු කිරී­ම­ටද නිය­මි­තය.

මෙම කාල­සී­මාව තුළ I සහ II කලාප තුළට ඇතු­ළු­වී­මට අව­සර හිමි­වන්නේ වන­ජීවි සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට සහ අදාළ කාර්ය මණ්ඩ­ල­යට පමණි.

 



Recommended Articles