යාපනයේ මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අතට


යාපනය දිස්ත්‍රික්කයේ තරුණ සමාජය තුළ මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අයුරින් ඉහල ගොස් ඇති බවත් ගෙවුනු මාස 03 ක කාලය තුලදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි රෝහල් වාර්තාවලින් අනාවරණය වන බවත් යාපනය පොලීසිය පවසයි.

එමෙන්ම  ගෙවුනු මාස තුනක කාලය තුලදී යාපනයේ විවිධ ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ජාවාරම් ආදිය හේතුවෙන් පුද්ගලයින් 320 ක් පමණ අත්අඩංගුවට පත්ව ඇතැයිද යාපනය පොලීසිය පෙන්වා දෙයි.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෙවුනු මාද දෙකක කාලය තුලදී යාපනයේ පදිංචි පුද්ගලයින් 134 දෙනෙකු රෝහලගත කොට ප්‍රතිකාර කරන අතරම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දරුණු රෝගයන්ට ගොදුරු වූ පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතරම මිය ගිය සහ රෝගාබාදයන්ට ලක්වූ පිරිසෙන් බහුතරය තරුණයින් බවටත්ය.

එමෙන්ම අවුරුදු 18 ත් 23 ත් අතර වයස්හි පසුවන තරුණ සමාජය විසින් මේ වන විට විවිධාකාරයෙන් මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවීම මගින් සමාජ දූෂණ ක්‍රියාවන් වැඩිවී ඇති අතරම මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි තරුණ සමාජයට අයත් පවුල් සංස්ථාවන් විශාල ප්‍රමාණයක් කඩාවැටීමේ දැඩි අවධානමකද පවතින බවට යාපනය රෝහල් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles