යාපනයේ ප්‍රතිමාවක් ඉවත් කරන්න අධිකරණ නියෝගයක් දීමෙන් විරෝධතා


යාපනය පන්නෙයි වටරවුමේ නයිනතිව් නාගභූෂණී අම්මාන් කෝවිලේ ප්‍රතිමාවක් කිසියම් පාර්ශවයක් ඉදිකිරීම සහ ඉන් පසුව එම ප්‍රතිමාව ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගැනීමත් සමග පාර්ශව කිහිපයකින් විරෝධතා එල්ල වී ඇතැයි වාර්ථා වෙයි.

‍නාගභූෂණී අම්මාන් කෝවිලේ පාර්වතී අමාම්න් දේවතාවගේ පිලිරුවක් මෙලෙස පන්නෙයි වටරවුමේ ඉදිකිරීම සමබන්ධයෙන් (15) දින යාපනය පොලීසිය විසින් යාපනය අධිකරණයට කරුණු ගොනුකරමින් දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රතිමාව මගින් මහජන සාමයට බාධාවක් වන බවටත් එය රථවාහන ගමනාගමනයටද බාධාවක් වන අතරම ප්‍රතිමාව ඉදිකරන ලදපාර්ශවයක් හෝ අයිතිකරුවෙකු නොමැති බවටත්ය.

 පසුව අදාල පිළිමය අයිතිකරුවෙකු නොමැතිනම් නීත්‍යානුකූල නොවන්නේ නම් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට යාපනය අධිකරණය මිගින් පොලීසියට නියෝගයක් ලැබුණි.

අනතුරුව ඒ බව දන්වමින් යාපනය පොලීසිය විසින් අදාල ප්‍රතිමාව අසල පෝස්ටරයක් අලවා ප්‍රතිමාව අසල පොලිස් ආරක්ෂාවක්ද සපයා පෝස්ටරය මගින් දැනුම් දී ඇත්තේ අදාල ප්‍රතිමාව ඉදිකරන ලද පාර්ශවයක් සිටීනම් හෙට (18) දිනයේදී යාපනය අධිකරණයේදී අදාල නියෝගය විභාග වන බවටත් එහිදී අදාල ප්‍රතිමාවට අයිතිකාර පාර්ශවයන් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතුලු අවශ්‍ය ලිපිලේකනද සමගින් සහභාගී වන ලෙසටත් එසේ නොවන්නේ නම් අදාල ප්‍රතිමාව ඉවත් කිරීමට සිදුවන බවටත්ය.

මේ අතර අදාල ප්‍රතිමාව ඉවත් කිරීම සහ අධිකරණ නියෝගය මෙන්ම ප්‍රතිමාව ඉදිකිරීම සම්බන්ධයෙන් අද දින මෙන්ම හෙට දිනයේදීද නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජක නල්ලෙයි ආදීනම් පූජකතුමා ඇතුලු විවිධ හින්දු සංවිධාන කිහිපයක නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද පැවත්වීමට පියවර ගෙන ඇත.

මුලතිව් ශෂිකුමාර්

 



Recommended Articles