යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක් - යතුරුපැදි 3 ක් ගිනිබත් වෙයි


යාපනය චුන්නාකම් පොලිස් වසමේ පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රියේ ඇති වූ ගැටුමක් හේතුවෙන් යතුරුපැදි 03 ක් ගිනිගෙන සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර මීට මාසයකට පමණ පෙර සිට මෙම ආරවුල හටගෙන ඇති අතර ඊයේ රාත්‍රියේ විදෙස්ගතව සිට පැමිණි අයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් විසින් එම නිවැසියාගේ ගෙමිදුලේ නවතා තිබූ යතුරුපැදි දෙකක් රැගෙන මාර්ගයට ගොස් ගිනිතබා විනාශ කොට ඇත.

පසුව අදාල නිවැසියා ඇතුලු ප්‍රදේශවාසීණ් විසින් ගිනිතැබූ පිරිස් පසුපස ලුහුබැඳීමෙන් පැමිණි පිරිස් යතුරුපැදියක් දමා පලා ගොස් තිබුනු අතර එහිදී එම යතුරුපැදියද නිවැසියන් ඇතුලු ප්‍රදේශවාසීන් ගිනිතැබීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් මෙම ආරවුලෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර පොලීසිය විසින් අදාල ගැටුමට සම්බන්ධ පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇත.

 



Recommended Articles