යාපනය මුහුදු වෙරලෙන් කෝටි 6ක කේරල ගංජ‍ා හමුවෙයි


ඉන්දියවෙන් රැගෙන එන ලදැයි සැකකෙරෙන රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක් යාපනය අරියාලෙයි මුහුදු තීරයේ අතහැර දමා ගොස් තිබියදී නාවික හමුදාව විසින් අද (21) අලුයම සොයාගනු ලැබීය.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නරිවිලකුලම් මුහුදු වෙරලේ සිදුකරන ලද සෝදිසි මුරසංචාරයකදී ජාවාරම් කරුවන් විසින් අතහැර දමාගොස් තිබූ ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ ගමන්මලු 07 ක පාර්සල් 105 තිබූ අදාල කේරලගංජා තොගය සොයාගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් නාවික හමුදා සෙබලුන් දැක ජාවාරම් කරුවන් විසින් මුහුදු වෙරලේ දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගයන් නීතිමය පියවර ගන්නා තුරු නාවිකහමුදා භාරයේ තැබීමට පියවර ගෙන ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය



Recommended Articles