යාපනය බලා ගිය සුඛෝපභෝගී බසය කිලිනොච්චියේදී පෙරළෙයි


කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අද (05දා) අලුයම කිලිනොච්චිය 247 වැනි කිලෝමීටර කණුව අසල දී අනතුරට ලක්වීමෙන් එහි සිටි 19 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.

මාර්ගයේ සිටි ගවයෙකු ගැටීමෙන් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ බස් රථය පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේය.



Recommended Articles