යාපනය නගරාධිපතිට ඇප


එල්.ටී.ටී.ඊ. පොලීසියට සමාන නිල ඇඳුමක් ලබාදුන් පුද්ගලයන් යාපනයේ රාජකාරියේ යෙදවීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කර තිබේ. නඩුව ඉදිරියේදී කැඳවීමට නියමිතය.



Recommended Articles