යාපනය දූපත් තුනකට දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතියක්


යාපනය දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම ඊයේ (01දා)  උදෑසන සිදු කරනු ලැබුණි. 

ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රධානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995ක මුදලක් මගින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව්(නාගදීපය) දූපත් වල මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

කිලෝ වොට් 530ක සුළං බලය, කිලෝ වොට් 1700ක සුර්ය බලය, කිලෝ වොට් පැය 2400ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය USOLAR සමාගම මගින් 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වේ. 



Recommended Articles