යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ


යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද (28) දිනයේ තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පවසයි.

යාපනය තුළ පවතින කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තියේ අවදානම සලකා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

යාපනය දිස්ත්‍රික්කය තුළ ඊයේ (27) දිනයේ සිදුකරන ලද PCR අනුව කොවිඩ් -19 ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන ඇත.

 



Recommended Articles