යළි පැමිණෙන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්


අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙණු ඇත. 

බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ බස් රථ අද සිට මෙම ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇති බවය. 

එමෙන්ම අධිවේගී මාර්ග සඳහා ද බස් රථ යොදවා තිබේ. 

 



Recommended Articles