යල කන්නයේ වී කිලෝවකට PMB ගෙවන මිල මෙන්න


මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී  වී කිලෝවක් සඳහා වී අලෙවි මණ්ඩලය ගෙවන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කර තිබේ.

වී අලෙවි මණ්ඩලය සතු මුදල් යොදා ගනිමින් වී මිලදී ගැනීමට නියමිතය. මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වැන්නෙන් වී මිල දී ගැනීමට අදාලව රැස් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිල කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles