යල කන්නයේ වි මිලදි ගැනිමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක්


යල කන්නයේ වී මිලදී ගැනීම සදහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 කදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ මධ්‍යස්ථාන 4 ක් මුලතිව් හි  මධ්‍යස්ථාන 3 ක් මන්නාරමෙහි මධ්‍යස්ථාන 2 ක් සහ කිලිනොච්චියේ මධ්‍යස්ථාන 3 ක් මෙලෙස විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ .

නාඩු කිලෝවක් රුපියල් 50 කට,  සම්බා කිලෝවක් රුපියල් 52 සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට රජය කටයුතු කර තිබෙනවා.

එක් වී කිලෝවක් සදහා රුපියල් 1.50 ක ප්‍රවාහන දීමනාවක් ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ.

 



Recommended Articles