යන්න කියලා බලාගෙන ආවේ


ප්‍රමිතියෙන් තොර චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැය හතක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අද පස්වරුවේ එයින්ට පිටත්ව ගියේය.

මෙහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ  "යන්න බලාගෙන ආවේ" යනුවෙනි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂමේ නිලධාරීන් තමන්ගෙන් ඉතාමත් දැනුවත් භාවයකින් ප්‍රශ්න කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles