යතුරුපැදියක් ගිනි ගනී


වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29දා) උදෑසන ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

යතුරුපැදිකරු වෙළෙඳ සැල ඉදිරිපිට මාර්ගයේ  නවතා වෙළෙඳ සැලට ගොස් එන අතරතුර යතුරුපැදිය ගිනිගෙන දැවී ඇත.

ප්‍රදේශවාසීන් සහ වාද්දුව රථවාහන අංශ නිලධාරීන් එක්ව නිවාදැමූවද ඒ වනවිට යතුරුපැදියට දැඩි හානි සිදුව තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .

පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles