යතුරුපැදි කැබ්රථ අනතුරින් මව සහ පුතා මරුට


ඇල්පිටිය - පිටිගල මාර්ගයේ අමුගොඩ  ප්‍රදේශයේ ඊයේ (17දා) රාත්‍රී සිදු වු යතුරුපැදි කැබ් රථ අනතුරින් එකම පවුලේ මව සහ පුතා මිය ගිය බව පිටිගල පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට, මිරිස්වත්ත,සව්සිරි උයන පදිංචි අනුෂා වසන්ති (47) හා ඇයගේ පුතා වන කවිඳු උදේශික (21)  තරුණයා බව පොලිසිය සඳහන් කළේය.

බරපතල තුවාල ලබා සිටි මව සහ පුතා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවත් පොලිසිය පැවසීය.

සුසිල් ප්‍රියන්ත



Recommended Articles