යතුරුපැදි අනතුරු අවම කිරීමේ මෙහෙයුම් තවදුරටත්


යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අද දිනයේද ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ ඉකුත් 31 වනදා සිටයි.

පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙම මෙහෙයුම්වලදි පුද්ගලයින් 8,957 දෙනෙකු විවිධ යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙනවා.

මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මෙම වැරදි හදුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles