කටාන පොලිස් වසමේ මීගමුව මීරිගම මාර්ගයේ කඳවල ප්‍රදේශයේදී ඊයේ සවස මීගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරු පැදිකරු, පසුපැදිකරු සහ පදිකයා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු සහ පදිකයා මියගොස් ඇත. මියගිය පැදිකරු අවුරුදු 19 ක් සහ පදිකයා අවුරුදු 46 ක් වූ තිබිරිගස්කටුව, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෘත ශරීර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Recommended Articles

