යතුරු පැදි අනතුරකින් දෙදෙනෙක් මරුට


ඇහැලියගොඩ පොලිස් වසමේ ඇහැලියගොඩ- දෙහිඕවිට මාර්ගයේ කිලෝමීටර් 15 කණුව ආසන්නයේ සිදුවූ අනතුරික් යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කර තිබේ. මරණකරුවන් අවුරදු 26 හා 30 යන වයස්වල පසුවන දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 

 

 



Recommended Articles