යතුරු පැදි 2ක් මතට ගසක් වැටීමෙන් දෙදෙනෙක් මරුට


ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය  පවසයි.

මුලතිව් කෝකිලායි මාර්ගයේ උන්නාපිලව් ප්‍රදේශයේදී මුලතිව් දෙස සිට කෝකිලායි දෙසට ධාවනය වූ යතුරුපැදි දෙකක් මතට මාර්ගය අයිනේ තිබූ කඳුරු ගස් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ එක් යතුරුපැදියක පැදිකරු හා පසු පැදිකරු මුලතිව් රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇත.

මරණකරුවන් වයස අවුරුදු 21 ක් හා 33 ක් වන නීරපිටිය නැගෙනහිර මුල්ලියාවේලි ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ.



Recommended Articles