මෝටර් රථයක් පාරෙන් ඉවතට ගොස් ගසක හැපේ


තණමල්විල උඩවලව මාර්ගයේ උඩවලව ජලාශය ආසන්නයේදී (14) වෙනිදා උදෑසන 04.30 පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට ගොස් ගසක හැපී අනතුරක් සිදුවී තිබේ.

උඩවලව සිට තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ රියදුරුට නින්දයාම නිසා රථය පාරෙන් ඉවතට ගොස් ගසක හැපී ඇත.

මෝටර් රථයේ සිටි කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර රථයට හානි සිදුවී තිබේ. උඩවලව පොලීසිය පරීක්ෂණ පවත්වයි.  

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles