මොරවක සතිපොළ වසා දමයි


කොවිඩ් 19 ආසාධිතයින් පනස්දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ එය සැළකිල්ලට ගනිමින් සඳුදා දින පැවැත්වීමට තිබූ මොරවක සතිපොළ නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කල බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන පැවසීය.

ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකින් සහ මොරවක නගරයෙන් ආසාධිතයින් වැඩිවශයෙන් වාර්තාවීම තුළ සතිපොළ පැවැත්වුවහොත් රෝගය ව්‍යාප්තවීම වේගයෙන් සිදුවීමට ඉඩකඩ පැවතීම හේතුවෙන් මහජන සුභ සිද්ධිය උදෙසා මෙම තීරණය ගත් බවයි

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු මොරවක සඳුදා සතිපොළ නොපැවැත්වීමට තීරණය වී ඇත.

රනිල් ප්‍රියංක ගමගේ



Recommended Articles