මොනරාගලින් කොවිඩ් රෝගීන් 70ක්


මොනරාගල සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන්  ඊයේ (24) උදෑසන වන විට කොවිඩ් 19 රෝගීන් 70 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් තිස්දෙනෙකුද,බුත්තලින් රෝගීන් විසිඑක් දෙනෙකුද, සියඹලාණ්ඩුවෙන් රෝගීන් පහළොස් දෙනෙකුද,මඩුල්ලෙන් රෝගීන් දෙදෙනෙකුද,වැල්ලවායෙන් සහ සියඹලාණ්ඩුවෙන් එක් රෝගියෙකු බැවින්ද හමුවී ඇත.

රෝගීන් අතර ඇතිමලේ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු,උපපොලිස් පරීක්ෂකවරයෙකු, කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලීසියේ පහළොස් දෙනෙකුද සියඹලාණ්ඩුව පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාද වෙයි.

සියළුම රෝගීන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකර ඇත.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles