මොනරාගල බන්ධනාගාරයේ රැඳවියන් 56 දෙනෙකුට කොවිඩ්


මොනරාගල බන්ධනාගාරයේ නිලධාරියෙකුට සහ රැඳවියන් පනස්හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බැව් මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 73 දෙනෙකු හමුවී තිබෙන අතර වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බන්ධනාගාරය තුළිනි.

මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 2,484 දෙනෙකු හමුවී තිබේ.

පුද්ගලයින් 1,635 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

මොනරාගල සුමනසිරි ගුණතිලක

 



Recommended Articles