මොනරාගල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (08) උදෑසන වන විට කොවිඩ් 19 රෝගීන් 15 දෙනෙකු අලුතෙන් හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

මෙම රෝගීන්ගෙන් එකොළොස්දෙනා හමුවී ඇත්තේ මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව සහ කොටබෝව යන ප්‍රදේශ වලිනි.

තවත් රෝගීන් දෙදෙනෙක් තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මෙම රෝගීන් කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකිරීමට පියවර ගෙන ඇත.

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති කොවිඩ් රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 497 කි.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles