මොනරාගල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වාර්තා විම ඉහළට


මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් 19 සහ 20 යන දිනයන්හිදී කොවිඩ්  රෝගීන් 251 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 4,592 දෙනෙකු හමුවී තිබෙන අතර නිවෙස් වල නිරෝධන වන සංඛ්‍යාව 1,106 කි.

මොනරාගල,බිබිල,මැදගම සහ කතරගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් වැඩි රෝගීන් පිරිසක් හමුවී තිබේ.

දැනට මැදගම,බුත්තල සහ වැල්ලවාය යන රෝහල් වලට අනුබද්ධිත කොවිඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යයි.

 



Recommended Articles