මොනරාගල කොවිඩ් ආසාදිතයින් වාර්තා විමේ අඩුවක්


මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයෙන් කොවිඩ්  රෝගීන් හමුවීම අඩුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

ඊයේ (14) වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන්  හමුවී ඇත්තේ කොවිඩ් 19 රෝගීන් 18 දෙනෙකි.

මේ දිනවල 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් 19 එන්නත ලබාදීම සිදුකරන බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් එම කටයුතුවල නිරතවී සිටීම නිසා පී.සී.ආර් පරීක්ෂණ වලට සාම්පල් ගැනීමද අඩුවී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආරංචි මාර්ග සඳහන් කරයි.

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3,112 කි.

නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව 1074 කි.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles