මොනරාගල කොවිඩ් ආසාදිතයින් ඉහළට


මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසයෙන් ඊයේ (04) කොවිඩ්  රෝගීන් අනූදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව මෙසේය,

මොනරාගල 26,බුත්තල 15,බඩල්කුඹුර 13,මැදගම 13,වැල්ලවාය 10,කතරගම 05,සෙවනගල 04,බිබිල 03, සියඹලාණ්ඩුව 01

මොනරාගල දිස්ත්‍රික්කයෙන් මේවන විට හමුවී ඇති කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 5,505 කි.

මියගොස් ඇති සංඛ්‍යාව 14 කි.

පුද්ගලයින් 1,597 දෙනෙක් නිවෙස් වල නිරෝධායනය වෙමින් සිටිති.

මොනරාගල දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යන වැල්ලවාය,බුත්තල සහ මැදගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී පවතින අතර මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ්   රෝගී ප්‍රතිකාර වාට්ටුවේද රෝගීන් 34 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.

 



Recommended Articles