මොනරාගල කොවිඩ් ආසාදිතයින් 1,188 දක්වා ඉහළට


මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (06) වන විට කොවිඩ්  රෝගීන් 23 දෙනෙකු හමුවූ බැව් මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,188 දෙනෙකු හමුවී ඇත.

දැනට රෝගීන් සියයකට ආසන්න පිරිසක් නිවෙස් වල ප්‍රතිකාර ලබමින් පසුවන අතර හෙට (07) එම සියලුදෙනා වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ආරම්භකරන නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකරන බවද සඳහන් කළේය.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles