මොනරාගල කාර්යමණ්ඩලයේ 12 දෙනෙකුට කොවිඩ්


මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසීය.

රෝගීන් අතර දන්ත වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු,හෙද නිලධාරින් හතර දෙනෙකු,සෞඛ්‍ය සහායකයින් තිදෙනෙකු,විකිරණ ශිල්පීන් එක් අයෙකු සහ ආරක්ෂක අංශයේ එක් අයෙකු සිටී.

මෙම රෝගීන්ගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට අයත් කිහිපදෙනෙකු ‍ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ගොස් ප්‍රතිකාර ලබා සුවවී නැවත සේවයට වාර්තා කර ඇත.

එම රෝගීන්ගේ කාර්ය මණ්ඩල ආශ්‍රිතයින් 60 දෙනෙකු පමණ නිරෝධායන වෙමින් සිටී.

 



Recommended Articles