මොනදේ වුණත් ජනතාවට ගෙනත් දෙන්න තියෙන සංවර්ධනය අපි ගෙනත් දෙනවා - සාගල


ජනතාවට හොඳ  කාලයක් ගෙනත් දෙන්න වැඩකටයුතු කරගෙන යන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය .

මාතර , දෙණියාය ප‍්‍රදේශයේ ඊයේ  (14)  පැවති උත්සවයක් අමතමින් ඔහු  මේ  බව පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

“අපේ රජය ශක්තිමත් අඩිතාලමක් දාලා තිබුණ නිසා , අධිකරණය ස්වාධින කරලා තිබුණ නිසා , පොලිස් කොමිසන් දාලා ඒවත් ස්වාධින කරලා තිබුණ නිසා , පසුගිය කාලයේ අපෙන් රජය ගත්ත වේලාවේ  සාධාරණ විසඳුමක් ලැබුණා . නිවැරදිව රජයට රට පාලනය කරන්න ඉඩ ආයේ දුන්නා . දැන් ආයේ වතාවක් විශ්වාසභංගයක් ආණ් ඩුවට එරෙහිව ගෙන ආවා . එයත් අපි පරාජය කරා . මොනදේ වුණත් ජනතාවට ගෙනත් දෙන්න තියෙන සංවර්ධනය අපි ගෙනත් දෙනවා . කාටවත් කකුලෙන් ඇදලා නතර කරන්න ඉඩ දෙන්නෙ නැහැ . ඒ වගේම කියන්න ඕන  අපි වැඩ කරන්නෙ ජන්ද බලාගෙන නෙමෙයි . අපි ගොඩනගපු පදනම උඩ ජනතාවට හොඳ කාලයක් ගෙනත් දෙන්න .  මේ  රටේ සියලූ පුරවැසියන්ට ඒ කාලය ගෙනත් දෙන්න අපි වැඩකටයුතු කරගෙන යනවා.

 ඒ වගේම නිලධාරින්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න රජයක් විදියට අවස්ථාව සලසලා තියෙනවා . ජනතාව වෙනුවෙන් හරි දේ කරන්න ඕන . අපි රජයක් විදියට රටේ  දරුවන් වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ  සංවර්ධන වැඩකොටස් කි‍්‍රයාවට නංවන්නේ  , ඒ  නැත්නම්  මේ රටේ  දරුවන්ට අනාගතයක් නැහැ ’’ යැයි රත්නායක මහතා වැඩිදුරටත් පැවසිය .

මාතර - මහේෂ් මලවරආරච්චි

           



Recommended Articles