මොණරාගල නව SSP බුද්ධි උඩුගමසූරිය


මොනරාගල පොලිස් කොට්ඨාසයයේ නව පොලිස් අධිකාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් පත්කොට ඇත.

බුද්ධි උඩුගමසූරිය මහතා මීට පෙර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතුකර තිබේ. නව පොලිස් අධිකාරීවරයා හෙට (16) මොනරාගල පොලිස් අධිකාරී කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.

මොනරාගල කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ එම්.බී.එස්.එස් සිසිල කුමාර මහතා වැඩතහනමට ලක්වීම නිසා අදාල තනතුර පුරප්පාඩුව පැවතිණි.



Recommended Articles