මොණරාගල කොවිඩ් ආසාදිතයින් ඉහළට


මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (24) දින කොවිඩ් 19 රෝගීන් 468 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමෙන් එදින හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව මෙසේය,

බිබිල 119,වැල්ලවාය 92,මඩුල්ල 40,මොනරාගල 39,බුත්තල 38,සියඹලාණ්ඩුව 33,සෙවනගල 16,කතරගම 16,තණමල්විල 10,මැදගම 06,බඩල්කුඹුර 05

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 10,855 කි.

එයින් 75 දෙනෙකු මියගොස් ඇත.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles