මෛත්‍රීගේ සමාව ඉල්ලීම කතෝලික සභාව පිළිනොගනියි


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කතෝලික සභාවට අදාළ නොවන බවත් ඔහු වරදක් කර ඇති බවට පිළිනොගන්නා බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසීය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළ ඒක පිළිගෙනනේ. හිටපු ජනපති සිරිසේන මහතා වරදක් කළා කියලා පිළිගන්නේ නෑ. ඔහු කියන්නේ තමන් පත්කළ නිලධාරීන් වරදක් කළ නිසා තමන්ට වන්දි ගෙවනන්නට සිදුව ඇති බවයි. එහෙම තත්ත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න සදාචාර නෑ. සමාව ඉල්ලීම හිස් වචන පමණයි. ඔහුගේ සමාව ඉල්ලීම අපට අදාළ වෙන්නේ නෑ.”



Recommended Articles